Saturday, March 1, 2014

ලක්දිව වනජීවී වාසස්ථාන


වනජීවින්ගේ පැවැත්මට උපකාර වන ,ඔවුන් ආහාර සොයා ගන්නා,වර්ගයා බෝ කරනා ,ඔවුන්ට ආරක්ෂාව සලසන ,වනජීවි වාසස්ථාන ඉතා වැදගත් පරිසර පද්ධතියකි .වනජීවී වාසස්ථාන ජලජ හා  භෞමික වාසස්ථාන ලෙස බෙදා දැක්විය හැකිය.
භෞමික වාසස්ථාන 
*වනාන්තර
*තෘණභූමි , ලෙසින් ප්‍රධාන කොටස්  2කි.
1.නිවර්තන වැසි වනාන්තර
පහතරට තෙත් කලාපයේ කුකුලු ගග සිට මොරවක ,දෙනියාය දක්වා වැඩි වශයෙන් පැතිරී ඇත. ලංකාවේ වන ගහනයෙන් 3% පමණ වැසි වනාන්තර වේ.වැඩි ජෛව විවිධත්වයක් දක්නට ලැබේ.අප රටට ආවේණික විශේෂ අතරින් 60% ක්   මෙම වනාන්තර තුල දැකිය හැක.වැඩි වර්ෂාපතනයක් හා වසර පුරා ලැබෙන හිරු එලියත් නිසා තුරු ලතා සීඝ්‍රයෙන්  වැඩෙයි.ශාක උස අනුව ස්තරවලට බෙදී ඇත.හොර ,භූ හොර,දිය නා,මොර,මලබොඩ හා දූන ආදී ශාක බහුලව දක්නට ලැබේ.
වාර්ෂික වර්ෂාපතනය මි.මි.2500 ට වැඩි ය.
සිංහරාජය,කන්නෙලිය,ගිලීමලේ,නාකියාදෙනිය ,මොරපිටිය මෙම වනාන්තර වලට උදාහරණ ලෙස දැක්විය හැකිය.
2.කදුකර වනාන්තර(වලාකුළු වනාන්තර)
මුහුදු මට්ටමේ සිට මීටර් 1500 ට ඉහල භූමිවල දැකගත හැකිය.ගස් මීටර 15 පමණ උසට වැඩෙයි.ගස් ඇඹරී  තුරු මුදුන් ඝනව වැඩී ඇත.හෙක්ටයාර 3000 ආසන්න ප්‍රමාණයක මෙම වනාන්තර පැතිරී ඇත. මෙහි වාර්ෂික වර්ෂාපතනය මි.මි.3000 ටවැඩිවන අතර සෙල්සියස් අංශක 15 පමණ වේ.
දඹ,කීන ,වෙරළු,නෙලු ආදී ශාක බහුලව දැක ගැනීමට පුලුවන. මධ්‍යම කදුකරයේ පිහිටි හෝර්ටන් තැන්න,පිදුරු තලාගල,සමනල කන්ද,කිකිලිය  මාන කදුවැටිය මෙයට උදාහරණ ලෙස දැක්විය හැකිය.
3.වියලි මිශ්‍ර සදා හරිත වනාන්තර
අවුරුදු 800 පමණ පැරණි ද්විතීයික වනාන්තර යි.අත්හැර දමන ලද පැරණි වැව් ආශ්‍රිතව බහුලව වියලි කලාපය පුරා දැකීමට හැකිය.වාර්ෂික වර්ෂා පතනය මි.මි1200-1900ත් පමණ වේ.තෙත් කලාපයේ තරම් ශාක සීඝ්‍රයෙන් නොවැඩේ.
ශක්තිමත්දැව සහිත ඉහල ආර්ථික වටිනාකමක් ඇති කළුවර ,කලු මැදිරිය,බුරුත,මිල්ල,කොලොන්  වැනි ශාක වැඩි වශයෙන් ඇත.


4.අතරමැදි සදා හරිත වනාන්තර
තෙත් හා වියළි කලාපීය ශාක ප්‍රජාවන්ගේ සම්මිශ්‍රණයකි.වියලි කලාපීය ලක්ෂණ වැඩි වශයෙන් දැකිය හැකිය.වාර්ෂික වර්ෂාපතනය මි.මි.1900_2500 අතර වේ.
බුරුත,මිල්ල ,පිහිඹිය,හුලංහික්,වල්දෙල්,ඇත් දෙමට ප්‍රමුඛ ශාක වේ.මෙම වනාන්තර දැකිය හැකි ප්‍රදේශ ලෙස  කුරුණෑගල,මාතලේ හා මොනරාගල ආදී ප්‍රදේශ පෙන්වා දිය  හැකිය.


5.කටු පදුරු හා ලදු කැලෑ
වාර්ෂික වර්ෂාපතනය ඉතා අඩු වයඹ දිග පුත්තලම දිස්ත්‍රික්කයේද,ගිණිකොන දිග හම්බන්තොට දිස්ත්‍රික්කයේද  මෙම කැලෑ රොද වල් බහුලව දැකගත හැකිය.ජලය ඉතා අඩු පරිසරයට උචිත ලෙස පත්‍ර කුඩාවට හා කටු සහිත පදුරු ශාක ලෙස පවතී.
වාර්ෂික වර්ෂාපතනය මි.මි1250ක් පමණ වන අතර උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ට වැඩියකරඹ,එරමිණියා,මලිත්තන්  බහුලව දැකීමට පුලුවන.
6.ගංගාශ්‍රිත වනාන්තර
ගං ඉවුරු දෙපස වැඩෙමින් ගගට ඉහලින් වියනක් ලෙස සැදී ගං ඉවුරු ඛාදනය වීම වැලැක්වීමට මෙම වනාන්තර  විශාල මෙහෙවරක් කරයි.ලංකාවේ සිව් මහා ගංගා ආශ්‍රිතව බහුලව දැක ගත හැකිය

කුඹුක් ගස මෙහි ප්‍රමුඛ හාකයයි‍ 

No comments:

Post a Comment